මිහිකත කුමරිය | Princess Earth – The Darkish Secret Unveiled

Anime News


පෘතුවි කුමරිය එක කාන්තාරෙක ජීවත් වුණා රාක්ෂයෙක් මේ රාක්ෂයා එයාගේ බඩගින්න නිවාගන්න එයා කෑමට ගත්තේ, හොඳ පස් වර්ග, හොඳට කොළපාට ට තිබුණු පැළෑටි වර්ග. මේ කාන්තාර ය ළඟින්ම තිබුණා තවත් එක රාජධානියක් හැබැයි මේ රාජධානිය ගැන මේ රාක්ෂයා දැනගෙන හිටියේ නෑ. ඒ නිසා මේ රාජධානියේ පස් වර්ගයි, පැළෑටි වර්ගයි, හරිම සරුසාරෙට තිබුණා මේ රාජධානියේ, රැජිනටයි රජ්ජුරුවන්ටයි දරුවෝ හිටියේ නෑ. ඒ නිසා මේ දෙන්නා හරිම දුකෙන් හිටියේ.

දවසක් රෑ මේ රැජිනට නින්ද ගියේ නෑ ඒ නිසා කාටත් හොරෙන් රැජින කාන්තාරයට ගියා රැජින කාන්තාරේ අවිදගෙන යන හැටි රාක්ෂයාත් දැක්කා. ඒත් රාක්ෂයා රැජිනට කරදරයක් කළේ නෑ. ලගට ගියෙත් නෑ රැජින දකිනවා අහසින් කොල පාට තරුවක් කඩාගෙන වැටෙනවා රැජින ප්‍රාර්ථනාවක් කරනවා මට දුවෙක්ව ලබා දෙන්න ඒ වෙලාවේම අර තරුව සුරංගනාවියක් වෙලා රැජින ලගට ආවා ඔයා සුරංගනාවියක්. මට හිතාගන්නත් බෑ.

ඕව් රැජිණියනි. මං ඔයා ලගට ආවේ ඔයාගේ ප්‍රාර්ථනාව අහලා. ඔබ මේ කාන්තාරයේ දින 7ක් අවිදගෙන ගියොත් ඔයාට දරුවෙක් ලැබෙයි සුරංගනාවිය කියපු විදිහටම කාන්තාරයේ දින 7ක් රැජිණ අවිද්දා දින 7ක් ගිහිල්ලත් රැජිණ මාලිගාවට ආවේ නැති නිසා රජු හිතුවේ රැජිණ මිය ගිහින් කියලා. රැජින 7 වන දිනයේ අමාරුවෙන් යන කොට එයාට ඇහුනා දරුවෙක් අඩන සද්දේ රැජිණ ඉක්මනින් බබා ඉන්න තැනට දිවුවා බබාව දැක්ක රැජිනට ගොඩක් සතුටුයි. රැජිණ බබාව අරගෙන මාලිගාවට ආවා. රජතුමාත් මේ දෙන්නව දැකලා ගොඩක් සතුටු උනා බබාට නම තිබ්බා පෘතුවි කියලා.

අවුරුදු ගානක් ගෙවී ගියා. පෘතුවි කුමරිය දැන් ලොකුයි. ඇය ලස්සන තරුණියක්. මෙයා හරිම ආසයි වැලි සමග සෙල්ලම් කරන්න මෙයා වැලිවල යමක් ඇන්දොත් ඒ දේ ඇත්තක් වෙනවා. කුමරියගේ මේ බලය ගැන දන්නේ, රජතුමා විතරයි මේ දෙන්නා මේක රහසක් විදිහට තියාගත්තා. දිනක් මිනිසුන් කිහිපදෙනෙක් කාන්තාරය පැත්තට වෙන්න වගා කරන්න පටන් ගත්තා රාක්ෂයාට පැල වල සුවද දැනිලා රාජධානිය පැත්තට එනවා. ඒ නිසා භූමි කම්පාවක් ඇති උනා මේ මොකක්ද වෙන්නේ ඇයි මේ පොළව හෙල්ලෙන්නේ.

රැජිනය රජ්ජුරුවොයි මාලිගාවෙන් එලියට ආවා මේ රාක්ෂයා පොලව යට ඉදන් රාජධානියට ආවා මං හිතුවේ මේ සතා පුරාවෘර්ථයක් කියලා ඒ සතා ඇත්තටම ඉන්නවා රජු රාක්ෂයාව පරද්දවන්න සෙබලුන් යැව්වා සොල්දාදුවෝ හැන්ගිලා පහර දුන්නා රාක්ෂයා ගොඩක් ලොකු නිසා සොල්දාදුවෝ බය උනා රාක්ෂයා හැම සොල්දාදුවෙක්ම කාන්තාරයට වීසි කළා ගමේ මිනිස්සුත් බයේ දිව්වා.

මේ රාක්ෂයා වගා සියල්ලම විනාෂ කරන්න පටන් ගත්තා ගමේ අයට කරන්න දෙයක් තිබ්බේ නෑ රජ තුමා තනියෙම සටන් කරන්න රක්ෂයා පැත්තට යනවා පෘතුවි කුමරියත් රජුගේ පිටිපස්සෙන් ආවා මාත් ඒ රාක්ෂයා සමග සටන් කරන්න එනවා. ඔබ අම්මා සමග මාලිගාවේ ඇතුලේ ඉන්න රාක්ෂයා සමග කුමරිය සටන් කරන්න යනවාට රජු කැමති උනේ නෑ රජු රාක්ෂයා සමග සටනට ගියා රජු රාක්ෂයා සමග සටන් කළා.

රජුට රාක්ෂයා සමග සටන් කරන්න බෑ. රජු පරදින්නයි හදන්නේ පෘතුවි කුමරිය පොළවේ පලිහක් ඇදලා එය සැබෑවක් කළා පලිහ අරගෙන රාක්ෂයා ඉන්න පැත්තට කුමරිය ගියා රාක්ෂයා පස් වලින් කුමරියට පහර දුන්නත් කුමරිය ඒවාගෙන් බේරුනා කුමරිය පොලවේ බාල්දියක් ඇන්දා ඒ බාල්දිය සැබෑවක් කරගෙන. බාල්දියෙන් රාක්ෂයාට පහට දුන්නා බාල්දිය රාක්ෂයාගේ මුහුණේ රැදුන නිසා රාක්ෂයාට මුකුත් කරන්න බෑ කුමරිය එයාගේ බලයෙන් සුලි කුනාටුවක් මැවුවා රාක්ෂයා කුණාටුව ඇතුලට ඇදිලා ගියා.

ගමේ හැමෝම සතුටු උනා රජු කුමරියව බදා ගත්තා ඔයා අපි හැමෝම බේර ගත්තා. අපේ රාජධානිය බේර ගත්තා එදා ඉදන් මිහිකත කුමරිය කියලා හැමෝම එයාට කතා කළා එදා සිට මේ කුමරිය රාජධානිය හැමදාම ආරක්ෂා කළා

Sharing is caring!

3 thoughts on “මිහිකත කුමරිය | Princess Earth – The Darkish Secret Unveiled

Leave a Reply